පාකිස්ථානය 213 ට දැවී යයි

Friday, 20 March 2015 - 14:03

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+213+%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%93+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වන අර්ධ අවසන් පූර්ව තරගය  ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඞ් නුවරදී දැන් ක්‍රියාත්මකයි. තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථාන පිල මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පන්දුවාර 49 යි එක් පන්දුවක් තුලදී සියලූම ක්‍රීඩකයින් දැවී ඔවුන්ට ලබා ගත හැකිවූයේ ලකුණු 213 ක් පමණයි. පාකිස්ථානය වෙනුවෙන් හරිස් සොහයිල් ලකුණු 41 ක් රැස් කළ අතර, එය පාකිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වුණා.  ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දුයැවීමක නිරත වූ ජොෂ් හේසල්වුඞ් ලකුණු 35 කට බිඳ හෙලූ කඩුලූ සංඛ්‍යාව 4 ක්.