මාර්ටින් ගප්ටිල්ගෙන් වාර්තා රැසක්

Saturday, 21 March 2015 - 10:26

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර මේ වන විට පැවැත්වෙන තරගයේදි නවසීලන්තයේ මාර්ටින් ගප්ටිල් ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්වුණා. ඒ අනුව ඔහු වාර්තා රැසකට අද හිමිකම් කීමට සමත්ව තිබෙනවා. එම වාර්තා පහතින් බලන්න.....

1.   නවසීලන්ත පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීම
2.  පිළිමළුන් පිටු දැකීමේ (Knock-Out) තරගයකදි වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව
3. 2015 ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩකයෙකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව
4.  ලෝක කුසලාන තරගාවලියකදි ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව.

මාර්ටින් ගප්ටිල්  වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 163කදි ලකුණු 237ක් වාර්තා කළේ හයේ පහර 11ක් සහ හතරේ පහර 24ක් සමගින්. ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවත් සමග නවසීලන්තය පන්දුවාර 50තුළදී කඩුළු 6ක් දැවී රැස්කළ මුළු ලකුණු සංඛ්‍යාව 393ක්.