නවසීලන්තයට 143ක ජයක්

Saturday, 21 March 2015 - 13:21

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+143%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අවසන් අර්ධ අවසන් පූර්ව වටයෙන් ජයග්‍රහණය කිරීමට නවසීලන්තය මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. මෙවර ලෝක කුසලාන තරගාවලියේ 4 වන සහ අවසාන අර්ධ අවසන් පූර්ව තරගය පැවැත්වුණේ නවසීලන්තයේ වෙලින්ටන් නුවර දීයි. ඒ, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිළ අතරයි. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ කඩුලූ 6ක් දැවී ලකුණු 393ක් රැස් කළා. මෙහිදී නවසීලන්ත ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් නොදැවී ලකුණු 237ක් රැස් කිරීම සටහන් වූයේ ලෝක කුසලාන තරග ඉතිහාසයේ වාර්තාවක් ලෙසයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දු වාර 30යි පන්දු 3ක් අවසානයේ ලබා ගැනීමට හැකි වූයේ සියලූම ක්‍රීඩකයන් දැවී ලකුණු 250ක් පමණයි. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 143කින් පරාජයට පත් කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.


එංගලන්ත-කොදෙව් ටෙස්ට් තරගාවලිය හෙට ඇරඹේ
Tuesday, 07 July 2020 - 20:22

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් යුත්... Read More

පාකිස්ථාන එංගලන්ත ටෙස්ට් තරඟ 3ක්
Tuesday, 07 July 2020 - 13:00

පාකිස්තාන පිළේ එංගලන්ත සංචාරය සඳහා තරඟ සටහන දැන් ප්‍රකාශයට... Read More

මහින්දානන්දට එරෙහිව පැමිණිල්ලක්
Monday, 06 July 2020 - 13:35

2011 ලෝක කුසලානයේ අවසන් මහා තරගය පවාදීමේ චෝදනාවට අදාළ පරීක්ෂණ... Read More