අපිව නවත්තන්න කාටවත් බෑ

Monday, 23 March 2015 - 14:11

%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%91
ලෝක කුසලානය ලබාගැනීම සඳහා යන ජයග්‍රාහී ගමන කිසිවෙකුටත් නැවැත්විය නොහැකි බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ නායක ඒ.බී. ඩිවිලියස් පවසනවා. ඔහු සඳහන් කළේ නවසීලන්තය සමග හෙට පැවැත්වෙන අවසන් පූර්ව තරඟය ජයග්‍රහණය කරන බවයි. ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තරඟයෙන් ලබාගත් ජයග්‍රහණයේ මානසිකත්වය වැදගත්වනු ඇති බවද ඔහු සඳහන් කළා. නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව ලෝක කුසලාන තරඟවල මීට පෙර අවස්ථා 6 කදී අවසන් පූර්ව තරඟ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.