දකුණු අප්‍රිකානුවන්ගෙන් නවසීලන්තයට 298ක අභියෝගයක්

Tuesday, 24 March 2015 - 11:49

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+298%E0%B6%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයේ නවසීලන්තය අතර මේ වන විට ඔක්ලන්ඩ් හිදි පැවැත්වෙන තරඟයේදි මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 281ක් රැස්කර ගැනීමට සමත් වුණා. කඩුළු 5ක් පමණක් බිද වැටුනු දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ පන්දුවාර 43ක් තුළදීයියි. ඊට හේතුවූයේ තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවීමයි. මේ හේතුවෙන් තරඟය පන්දුවාර 43කට සීමා වුණා.පන්දුවට පහරදීමේදි දකුණු අප්‍රිකානු නායක ඒබී ඩිවිලියර්ස් නොදැවී ලකුණු 65ක් රැස්කර ගැනීමට සමත්වූ අතර  වේගවත් පිතිහරඹයක නිරත වූ ඩේවිඩ් මිලර් පන්දු 18කදි ලකුණු 49ක් ලබාගැනීමට සමත්වුණා. ඊට හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් ද ඇතුළත්. කෙසේ නමුත් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව නවසීලන්ත කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නම් පන්දුවාර 43ක් තුළදී ලකුණු 298ක් ලබාගත යුතු වනවා.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ නායක ඒ.බී. ඩිවිලියස්ගේ ප්‍රකාශය මෙතනින් බලන්න....
http://goo.gl/JDpFAs