ඕස්ට්‍රේලියානු පිලට ක්ලාර්ක් අහිමිවෙයි

Saturday, 28 March 2015 - 9:24

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නවසීලන්තය සමඟ හෙට පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරඟය තමාගේ අවසන් එක්දින තරඟය බව  ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් ප්‍රකාශ කළා. තරඟය පැවැත්වෙන මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (28) පැවති මාධ්‍ය හමුවේදී මයිකල් ක්ලාක් කියා සිටියේ හෙට තරඟය ඇතුළුව එක්දින තරඟ 245කදී  ඕස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකන බවයි. කෙසේ නමුත්, ටෙස්ට් තරඟ සඳහා තවදුරටත් කැප වී කටයුතු කරන බව ඔහු සදහන් කළා.

ඔහු මේ වන විට එක්දින තරඟ 244ක් ක්‍රීඩාකර ඇති අතර ලකුණු 7907ක් රැස්කරගෙන තිබෙනවා. මේ වන විට ඔහුගේ වයස අවුරුදු 33ක් වනවා.



\"\"