Update: ක්‍රිකට් ලෝක කුසලානය 5 වන වරටත් ඕස්ට්‍රේලියාවට

Sunday, 29 March 2015 - 15:46

Update%3A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+5+%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
එක්දින ක්‍රිකට් ලෝක කුසලානය 5 වන වරටත් දිනා ගැනීමට  ඕස්ට්‍රේලියාව අද (29) සමත් වුණා.  ඒ, නවසීලන්තය සමඟ පැවති අවසන් තරඟය කඩුලූ 7කින් ජය ගනිමින්. කාසියේ වාසිය දිනා නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. එහිදී නවසීලන්ත පිතිකරුවන්ට පන්දුවාර 45 ක් අවසානයේ සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 183 ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ  ඕස්ට්‍රේලියාව පන්දු වාර 33 යි එක් පන්දුවකදී කඩුලූ 3 ක් පමණක් දැවී තිබියදී ලකුණු 186 ක් ලබාගනිමින් සිය ජයග්‍රහණය තහවුරු කළා. නවසීලන්ත කණ්ඩායමක් ලෝක කුසලාන අවසන් තරඟයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාවද මෙය වුණා. අද තරඟය නැරඹීම සඳහා  ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයට 93,000 කට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් පැමිණ සිටියා.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් තරඟයේ වීරයා බවට පත්වූයේ අද තරගයේ නවසීලන්ත පිළේ කඩුලූ 3ක් දවා ගත්  ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ෆොල්ක්නර්. තරගාවලිය පුරා කඩුලූ 22ක් බිද හෙළුෑ  ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාර්ක් තරගාවලියේ වීරයා බවට පත්වුණා.

Update: Sunday, 29 March 2015 - 06:53 PM
...............................................................
2015 ලෝක කුසලානය කැංගරුවන් තම මවුබිමේදී හිමිකරගනී

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ජයග්‍රහණය කිරීමට  ඕස්ට්‍රේලියාව සමත් වුණා. නවසීලන්තය සමඟ පැවති අවසන් තරඟයේදී  ඕස්ට්‍රේලියාව කඩුලූ 7 කින් තරඟය ජයගත්තා. කාසියේ වාසිය දිනා නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. එහිදී නවසීලන්ත පිතිකරුවන්ට පන්දුවාර 45 ක් අවසානයේ සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 183 ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ  ඕස්ට්‍රේලියාව පන්දු වාර 33 යි එක් පන්දුවකදී කඩුලූ 3 ක් පමණක් දැවී ලකුණු 186 ක් ලබාගනිමින් සිය ජයග්‍රහණය තහවුරු කළා.  ඕස්ට්‍රේලියාව මෙවර ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගත්තේ පස්වන වතාවටයි. නවසීලන්ත කණ්ඩායමක් ලෝක කුසලාන අවසන් තරඟයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාවද මෙය වුණා. අද තරඟය නැරඹීම සඳහා  ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයට 93 000 කට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් පැමිණ සිටියා.