කමල් හසන්ගේ දුව අහිමි වූ රයිනාට ප්‍රියංකා ලැබෙයි

Thursday, 02 April 2015 - 15:57

%E0%B6%9A%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සුරේෂ් රයිනා හෙට යුගදිවියට එළඹෙන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. 28 වන වියේ පසුවන රයිනාගේ අත ගන්නේ ප්‍රියංකා චෞද්රියි. ඇය නෙදර්ලන්තයේ පෞද්ගලික බැංකුවක තොරතුරු තාක්ෂණයට අදාළ රැකියාවක නිරතවනවා. ඔවුන්ගේ විවාහ උත්සවයේ පූර්ව මංගල චාරිත්‍ර අද දිනයේ පැවැත්වී තිබෙනවා.
 
හෙට පැවැත්වෙන විවාහ උත්සවයට ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයින් රැසක් සහභාගී වීමට නියමිත බවට ආරංචි මාර්ග සඳහන් කරනවා. එමෙන්ම මොවුන් දෙදෙනා කුඩා කල සිටම යහළුවන් ලෙස ආශ්‍රය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ..

\"\"

\"\"

\"\"