ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වේ

Friday, 03 April 2015 - 8:52

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයින් සිය ඉල්ලා අස්වීමේ ලිපි ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක වෙත භාර දී තිබෙනවා. තේරීම් කමිටුව ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර, කෙසේ වෙතත්, නව පරිපාලනය පත්වීමත් සමගම තේරීම් කමිටු සාමාජිකයින් මෙම තීරණය ගත් බවටයි ක්‍රීඩා ආරංචි මාර්ග වාර්තා කරන්නේ. විශේෂයෙන් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් තීරණාත්මක තරඟවලදී තේරීම් කමිටුවේ ක්‍රියාමාර්ග පිළිබඳ දැඩි විවේචන එල්ල වී තිබුණා.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ප්‍රවීන ක්‍රීඩක සිදත් වෙත්තමුණිගේ සභාපතීත්වයෙන් යුත් නව නව අතුරු පාලක කමිටුවක් ද පසුගියදා පත් කෙරුණා.