ඇලන් ඩොනල්ඩ් පන්දුව එපා කියයි

Wednesday, 15 April 2015 - 14:45

%E0%B6%87%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A9%E0%B7%9C%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන ඇලන් ඩොනල්ඩ්  තනතුරෙන් විශ්‍රාම  ගැනීමට තීරණය කර තිබෙනවා. මේ වනවිට ඔහු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසයි කටයුතු කරන්නේ. 2011 වසරේ ජූනි මාසයේදී දකුනු අප්‍රිකානු කන්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරට පත්වූ ඔහු මේ දක්වා  වසර 4 ක් එම තනතුරේ කටයුතු කරනවා. 2012 වසරේ දකුනු අප්‍රිකානු කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට පත්වීමේදී මොහුගෙන් විශේෂ දායකත්වයක් ලැබුණා.