සංගක්කාර ලකුණු 149කට දැවී යයි

Tuesday, 21 April 2015 - 12:50

%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+149%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%93+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මෙවර එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ ප්‍රාන්තය නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර තමන් සහභාගි වන ප්‍රථම තරගයේදී ලකුණු 149ක් රැස් කළා. ඔහු එම තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කළ ස්ටීවන් ඬේවිස් සමඟ 4 වන කඩුල්ල සඳහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 290ක්. ග්ලැමෝගන් ප්‍රාන්ත පිළ සමඟ පැවැත්වෙන මෙම සිව්දින  තරගයේදී සරේ කණ්ඩායම මුල් ඉනිම සඳහා කඩුලූ 7ක් දැවී ලකුණු 563ක් රැස් කළා. ග්ලැමෝගන් පිළ ඊයේ තරඟයේ දෙවන දිනය අවසානයේ කඩුලූ 2ක් දැවී ලකුණු 124ක් ලබා සිටියා.