චමින්ද වාස් ඉල්ලා අස්වෙයි

Thursday, 30 April 2015 - 17:53

%E0%B6%A0%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකාර ධුරයෙන් තමන් ඉල්ලා අස්වූ බව චමින්ද වාස් පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඊට අදාළ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත යොමුකළ බවයි. එම ධුරයේ රාජකාරි කිරීම පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන නිසා මෙම තීරණය ගත් බවයි ඔහු කියා සිටියේ.

\"මම අවුරුදු දෙකක කාලයක්, පුහුණුකරු ධුරයේ කටයුතු කළා. හැබැයි තවදුරටත් එම ධුරයේ කටයුතු කරන්න සතුටක් නෑ. ඒ හින්දා මාසයක කාලයක් තියලා මම ඉවත් වෙන බව දන්වලා ලිපියක් ක්‍රිකට් ආයතනයට යොමුකළා. යම් යම් අවස්ථාවලදී ගැටලූ මතුවුණා පුහුණුකරුවෙක් විදියට මට තනියම කටයුතු කරන්න බෑ, අනිත් පුහුණුකරුවන්ගේ සහයෝගයත් අවශ්‍යයි. කොහොම වෙතත් මම සතුටු වෙනවා අවුරුදු දෙකක කාලය තුළ මම කණ්ඩායමට යම් කිසි සේවාවක් කළා කියලා. මට විදේශවලින් අවස්ථා දෙකක් ලැබී තියෙද්දී ඒ අවස්ථාවන් නොතකා තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් වේග පන්දු පුහුණුකරු ධුරය භාර ගත්තේ. ඉදිරියේදී එවැනි අවස්ථාවක් ලැබුනොත් සලකා බලන්නයි මම හිතාගෙන ඉන්නේ.\"