මාලිංගගේ වැරදිවලට දඬුවමක් දුන් රොෂාන් මහානාම

Tuesday, 05 May 2015 - 9:41

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9C%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංගට තරග ගාස්තුවෙන් 5%ක මුදලක් දඩ ලෙස නියම කර තිබෙනවා. ඔහුට මෙලෙස දඩ මුදලක් නියම කිරීමට හේතුව වී තිබෙන්නේ පසුගිය 25 වන දා සන්රයිසර්ස් හයිදරාබාද්  කණ්ඩායම සමග පැවති තරගයේදී ඩේවිඩ් වෝනර්ට බැණ වැදීමේ සහ සරදම් කිරීමේ සිද්ධියක් හේතුවෙන්.

මෙහි විශේෂම සිදුවීම වන්නේ ලසිත් මාලිංගට අදාළ දඩය පනවා තිබෙන්නේ තරග තීරක වශයෙන් කටයුතු කරන රෝෂාන් මහානාම විසින් වීමයි.
ඩේවිඩ් වෝනර් ලකුණු 9කට දවා ගැනීමෙන් අනතුරුව ලසිත් මාලිංග පිටියේදි හැසිරුණු ආකාරය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ නීතිරීති උල්ලංඝණය කිරීමක් බවට රොෂාන් මහානාම තීරණය කිරීම හේතුවෙන් මෙම දඩය පනවා තිබෙන්නේ.

ඒ කෙසේ වෙතත් මෙම තරගයේදී ලසිත් මාලිංග ලකුණු 23කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොඳ ම ක්‍රීඩකයා ලෙස ද සම්මානයට පාත්‍රවීම ද තවත් සුවිශේෂී සිදුවීමක්.

එම වීඩියෝව මෙතනින් බලන්න...