වාස්ගේ තැන චම්පකට

Thursday, 07 May 2015 - 14:13

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%9A%E0%B6%A7
එළඹෙන පාකිස්ථාන, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකාර ධුරයට චම්පක රාමනායක පත් කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා. ඒ වේගපන්දු පුහුණුකාර ධුරයේ කටයුතු කළ චමින්ද වාස් එම තනතුරෙන් ඉල්ලා අස්වීමට පසුගියදා තීරණය කිරීමත් සමඟයි. චමින්ද වාස්ට පෙර ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවා ලෙස කටයුතු කළේ චම්පක රාමනායකයි. මේ අතර, ලබන ජුනි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ශාරිරික අභ්‍යාසයක ලෙස එංගලන්ත ජාතික මයිකල් මේන් පත් කර තිබෙනවා. ඔහු ඉදිරි වසර දෙකක කාලයක් සඳහා අදාළ තනතුරේ කටයුතු කරනු ඇති.