ෆිල් හියුස්ගේ මරණය ගැන විශේෂ පරීක්ෂණයක්

Thursday, 14 May 2015 - 13:41

%E0%B7%86%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඕස්ට්‍රේලියාවේ පැවැති ප්‍රාන්ත ක්‍රිකට් තරගයක් අතරතුරදී පන්දුවක් හිසේ වැදීමෙන් ෆිල් හියුස් මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ අනාගතයේදී තවත් ක්‍රීඩකයෙකු මෙවැනි ඛේදවාචකයකට ලක් නොවීම සඳහා මෙම පරීක්ෂණ ආරම්භ කරන බවයි. මෙමගින් කිසිවෙකුටවත් වරද පැටවීමක් සිදුනොවන බවද එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ෆිල් හියුස් සවුත් ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් නිව් සවුත් වේල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 63ක් රැස් කර සිටියදී ඔහු ෂෝන් ඇබට්ගේ පන්දුවක් හිසේ වැදීමෙන් එලෙස අනතුරට ලක්වුණා. පසුව සිහි මුර්ජා වූ ෆිල් හියුස් නොවැම්බර් 27 වැනිදා අභාවප්‍රාප්ත වුණා.

මියයන විට 25 වැනි වියේ පසු වූ ෆිල් හියුස් ටෙස්ට් ක්‍රිකට් තරග 26කදී ලකුණු 1535ක් රැස් කර ඇති අතර, ඔහු ශතක 3කට සහ අර්ධ ශතක 7කට හිමිකම් කියනවා.