ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් නැවතත් පත් කිරීමට ජාතික ක්රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව, ටෙස්ට් සහ එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් තවදුරටත් කටයුතු කරනු ඇති. පාකිස්ථාන පිලේ එළඹෙන ශ්රී ලංකා සංචාරයේ සිට ලබන වසරේ එංගලන්ත චාරිකාව දක්වා මැතිව්ස්ගේ නායකත්වය බලපැවැත්වෙනු ඇති. 2016 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරඟාවලිය දක්වා ලසිත් මාලිංග ශ්රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇතැයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය ප්රකාශ කළා.