මහේල ඇමෙරිකාවට යයිද ?

Tuesday, 19 May 2015 - 11:14

%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%BD+%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92%E0%B6%AF+%3F
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජේෂ්ඨ ක්‍රීඩක මහේල ජයවර්ධන ඇමෙරිකාවේ පැවැත්වීමට නියමිත ලෙජන්ඩ්ස් විස්සයි විස්ස තරගාවලිය සදහා තෝරාගෙන තිබෙනවා. මහේල මේ සදහා 90%කින් කැමැත්ත පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු මහේල ජයවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත්තා. මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ද ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීනයන් දෙදෙනෙකු වන සචින් ටෙන්ඩුල්කාර් සහ ෂේන් වෝන්. ඇමෙරිකාව තුළ ක්‍රිකට් ප්‍රචලිත කිරීම සදහායි මොවුන් මෙම වෑයම දරනු ලබන්නේ. මේ සදහා ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් ක්‍රිකට් ක්‍රීඩකයින් 28දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි. මහේල මෙන්ම බ්‍රෙට් ලී, මැතිව් හේඞ්න්, ඇඩම් ගිල්ක්‍රිස්ට්, රිකී පොන්ටින්, ජාක් කලීස්, ඇලන් ඩොනල්ඞ්, ශහීඞ් අෆ්රිඞී, බ්‍රයන් ලාරා ඇතුළු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකට මෙම තරඟාවලිය සඳහා ඇරයුම් කර ඇති බව සදහන්. 
මේ සදහා මේ වන විට තෝරාගෙන ඇති එකම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා මහේල ජයවර්ධන පමණයි. මෙම තරගාවලිය ලබන අගෝස්තු මස හෝ සැප්තැම්බර් මස ඇමෙරිකාවේ නිව්යෝර්ක්, චිකාගෝ සහ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වීමටයි තීරණය කර තිබෙන්නේ.