ලංකාවට ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය අහිමි වෙයි

Friday, 22 May 2015 - 19:12

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
2017 වසරේ ආසියානු යොවුන් ක්‍රිඩා උළෙලේ ශ්‍රී ලංකාවට පිරිනමා තිබූ සත්කාරකත්වය ඉවත් කර ගැනීමට ආසියානු ඔලිම්පික් කවුන්සිලය තීරණය කර තිබෙනවා. එහි සභාපති ෂෙයික් අහමඞ් අල් ෆහාඞ් අල් සබා මේ බව නිවේදනය කළේ ඉරානයේ ටෙහෙරාන් නුවර ඊයේ (21) පැවති ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීමේදීයි. මෙරට ජාතික ඔලිම්පික් කමිටුවේ ස්වාධීනත්වය පිළිබඳ ගැටලූ හේතුවෙන් එම තීරණයට එළඹුනු බවයි ඔහු ප්‍රකාශ කළේ. ඒ අනුව, 2017 වසරේ පැවැත්වීමට නියමිත තුන්වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දුනීසියාවේ - ජකර්තා නුවර පිරිනමා තිබෙනවා. ඒ 2018 වසරේ එහි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පෙරහුරුවක් ලෙසයි.