පාකිස්ථානයට ජය

Saturday, 23 May 2015 - 13:48

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
වසර 6 කට පසු පාකිස්ථානයේ පැවති ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයෙන් පාකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය හිමිකරගත්තා. ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගනයේ මෙම තරඟය පැවැත්වුණේ සංචාරක සිම්බාබ්වේ පිල සමගයි. එය විස්සයි විස්ස තරඟයක්. පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල කඩුලූ 6 ක් දැවී ලකුණු 172 ක් රැස් කළා. පිළිතුරු වශයෙන් පාකිස්ථාන කණ්ඩායම පන්දු වාර 19 යි පන්දු 3 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 173 ක් ලබමින් තරඟයේ ජය හිමිකරගත්තා. පාකිස්ථානයේ මීට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් පැවැත්වුණේ 2009 වසරේදියි. ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති එම ශ්‍රී ලංකා පාකිස්ථාන ටෙස්ට් තරඟයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමෙන් අනතුරුව කිසිදු ජාත්‍යන්තර කණ්ඩායමක් පාකිස්ථානයේ ක්‍රිකට් සංචාරවල නිරතවූයේ නැහැ.