අවසන් මහා තරගය මාලිංග අතේ

Sunday, 24 May 2015 - 14:00

%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%E0%B6%85%E0%B6%AD%E0%B7%9A
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය කොල්කටා හි ඊඞ්න් ගාඞ්න් ක්‍රීඩාංගණයේදී අද (24)පැවැත්වෙනවා. එහිදී තරඟ වදින්නේ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් පිලයි.

කණ්ඩායම් දෙක අතර මීට පෙර පැවති තරඟ සැළකූ විට මුම්බායි පිල තරඟ 11 කින් ජයගෙන ඇති අතර චෙන්නායි පිල ජයගෙන ඇත්තේ තරඟ 10කින්.

රෝහිත් ෂර්මා මුම්බායි පිල මෙහෙයවන අතර චෙන්නායි කණ්ඩායම මෙහෙයවන්නේ ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර  සිං දෝණි විසින්. ලසිත් මාලිංග මුම්බායි පිල නියෝජනය කරන එහි ජයග්‍රහණය සඳහා තීරණාත්මක ක්‍රීඩකයෙක්. ඔහු මෙවර තරඟාවලියේදී මේ වනවිට කඩුලූ 22 ක් බිඳ හෙලා ඇති අතර කඩුලූ ලබාගැනීමේ සාමාන්‍යය ලකුණු 19.9 ක්.





\r\n\r\n
\r\n