චක් බ්ලේසර් අල්ලස් චෝදනා පිළි ගනී

Thursday, 04 June 2015 - 12:48

%E0%B6%A0%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැනුණු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ චක් බ්ලේසර් තමන් අල්ලස් ලබා ගත් බවට පිළිගෙන තිබෙනවා. මොහු ඇතුළු ජගත් පාපන්දු බලධාරීන් 7 දෙනෙකු ස්විට්සර්ලන්තයේදී පසුගිය දා අත්අඩංගුවට ගැනුණේ ලෝක කුසලාන පාපන්දු තරඟ සත්කාරකත්වය ලබාදීම සඳහා ඩොලර් මිලියන ගණනක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවටයි. 2010 වසරේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය  ලබාදීම සඳහා දකුණු අප්‍රිකාවෙන් අල්ලස් ලබා ගත් බවට චක් බ්ලේසර් පිළිගෙන තිබෙනවා. මොහු ඇමරිකානු පුරවැසියෙක්.

මීට අමරතව ෆීෆා හි හිටපු නියෝජ්‍ය සභාපති, විධායක කමිටු සාමාජිකයෙකු සහ එම සම්මේලනයට අනුබද්ධ ආයතනවල විධායක නිලධාරීන් 4 දෙනෙකුට ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන ද නිකුත් කර තිබෙනවා. මේ අතර, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයෙන් සෙප් බ්ලැටර් ඉල්ලා අස්වීමට දැනටමත් තීරණය කර අවසන්.