Update : ශ්‍රී ලංකාවේ පළමු ඉනිම ලකුණු 315කට සීමාවෙයි

Saturday, 27 June 2015 - 9:00

Update+%3A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+315%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පී. සරා  ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන් වන දිනය වන අද ශ්‍රී ලංකා පිළ පළමු ඉනිම සඳහා ලකුණු 315කට දැවී ගියා. කෞශාල් සිල්වා එහිදී ලකුණු 80ක් රැස් කළ අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 77ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී යසීර් ෂා පාකිස්තාන පිළ වෙනුවෙන් ලකුණු 96කට කඩුලූ 6ක් බිද හෙලූවා. පාකිස්තානය මුල් ඉනිම සඳහා ලකුණු 138ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා පිළ පාකිස්තානයට වඩා මුල් ඉනිමේදී ලකුණු 177ක් ඉදිරියෙන් සිටිනවා.

පාකිස්ථාන කණ්ඩායමේ ප්‍රථම ඉනිම

\"\"

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම ඉනිම

\"\"

Update : Saturday, 27 June 2015 - 11:00
----------------------------------------------
දෙවන ටෙස්ට් තරඟයේ 3 වන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන් වන දිනය අදයි. ඊයේ (26) දිනය නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 09 ක් දැවී ලකුණු 304 ක් ලබා සිටියා. ඒ, පාකිස්තානය පළමු ඉනිමේදී සියලූ දෙනාම දැවී ලබා ගත් ලකුණු 138ට පිළිතුරු ලෙසයි. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී පාකිස්තාන කණ්ඩායමට වඩා ලකුණු 166 ක් ඉදිරියෙන් සිටිනවා.