පකිස්තානයෙන් දෙවන තරඟය සිංහයින් උදුරා ගනී

Monday, 29 June 2015 - 12:17

%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ පී.සරා  ඕවල් පිටියේ පැවැති දෙවන ටෙස්ට් තරඟය කඩුලූ 7 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. තරඟයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලූදෙනා දැවී ලකුණු 138 ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලූදෙනා දැවී ලකුණු 315 ක් ලබා ගැනීමට සමත්වුණා. පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කෞෂාල් සිල්වා ලකුණු 80 ක් ලබා ගත් අතර යළිත් දෙවන ඉනිම ආරම්භ කළ පාකිස්ථානු කණ්ඩායම එහිදී සියලූදෙනා දැවී ලකුණු 329 ක් රැස් කළා. ලකුණු 153 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 3 ක් දැවී තිබියදී ලකුණු 153 ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කිරීමට සමත්වුණා. තරඟ 3 කින් සමන්විත තරඟාවලියේ තරඟ එකට එකක් ලෙස ජය ලබා කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා. දෙරට අතර අවසන් ටෙස්ට් තරඟය ජූලි 3 වනදා පල්ලෙකැලේදී ආරම්භ වීමට නියමිතයි.


කාසියේ වාසිය අයර්ලන්තයට
Tuesday, 04 August 2020 - 20:56

එංගලන්තය සහ අයර්ලන්තය අතර තුන්වන එක්දින තරඟය මේ වන විට සවුත්ඇම්ටන්... Read More

කොදෙව් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය කල් යයි
Tuesday, 04 August 2020 - 13:10

ලබන ඔක්තෝම්බරයේ යෙදී ඇති කොදෙව් පිලේ  ඕස්ට්‍රේලියානු ක්‍රිකට්... Read More

විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More