Update: ඉන්දියාව දෙවන ඉනිමේදී 70/1

Saturday, 22 August 2015 - 13:17

Update%3A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+70%2F1
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පී.සරා  ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 70 ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිම සඳහා සියලූ දෙනා දැවී රැස්කළේ ලකුණු 306 ක් පමණයි.

නායක ඇන්ජලෝ මැතිව්ස් සිය 06 වන ටෙස්ට් ශතකය අද (22) වාර්තා කිරීමද විශේෂත්වයක් වුණා.

ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 393 ක් ලබා ගත්තා.

\"\" \"\" \"\"
---------------------------------------------------------

ශ්‍රී ලංකාව 224/3යි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ පී. සරා  ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරඟයේ 3 වන දිනයේ, දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 3ක් දැවී ලකුණු 224ක් ලබා සිටියා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නොදැවී ක්‍රීඩා කරන නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 72ක් සහ ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 57ක් ලබා සිටිනවා. තරඟයේ පළමු  ඉනිම සඳහා ඉන්දීය කණ්ඩායම ලකුණු 393ක් රැස් කළා.