ඉන්දියාව දිවා ආහාරයට 266ක් ඉදිරියෙන්

Sunday, 23 August 2015 - 9:59

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+266%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කොළඹ පී. සරා  ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ හතරවන දිනය වන අද දිවා භෝජනය සඳහා තරඟය නතර කරන විට දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන ඉන්දීය පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 179 ක් ලබා සිටියා.

 උදෑසන ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු මුරලි විජේ ලකුණු 82 කට දැවී ගිය අතර, අජින්කෙයා රහානේ නොදැවී ලකුණු 82 ක් ලබා සිටිනවා.

 නායක විරාට් කෝලිට රැස් කරගත හැකිවූයේ ලකුණු 10 ක් පමණයි.

තරිඳු කෞෂාල් ඉන්දීය පිලේ අද දැවී ගිය කඩුලූ දෙකම ලබාගැනීමට සමත්වුණා.

ඉන්දීය පිල මේ වනවිට දෙවන ඉනිමේ කඩුලූ 7 ක් අතැතිව ලකුණු 266 ක් ඉදිරියෙන් සිටිනවා.
---------------------------------------------
ශ්‍රී ලංකා - ඉන්දියා තරගයේ හතරවන දිනය අද

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ හතරවන දිනය අද (23) යි. ඊයේ දිනය අවසනදී දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන ඉන්දියාව එක් කඩුල්ලක් දැවී ලකුණු 70 ක් ලබා සිටියා.

ඉන්දියාව මුල් ඉනිම සඳහා ලකුණු 393 ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව මුල් ඉනිම සඳහා ලබාගත්තේ ලකුණු 306 ක් පමණයි.

මේ අනුව ඉන්දියාව තම දෙවන ඉනිමේ කඩුලූ 9 ක් අතැතිව ලකුණු 157 ක් ඉදිරියෙන් සිටිනවා.
\"\" \"\" \"\" \"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"