සංගාගේ අවසන් ඉනිම 18කට සීමා වෙයි

Sunday, 23 August 2015 - 17:12

%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+18%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කොළඹ පී. සරා  ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ හතරවන දිනය අද නිමා වන විට ජයග්‍රාහී ලකුණු 413 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා පිළ දෙවන ඉනිම සඳහා කඩුලූ 2ක් දැවී ලකුණු 72ක් ලබා සිටියා. ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 393ක් රැස් කළ අතර, දෙවන ඉනිම කඩුලූ 8ක් දැවී ලකුණු 325ක් ලබා සිටියදී ඔවුන් අද අත්හිටුවනු ලැබුවා. ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 306කට සීමා වුණා. ඒ අනුවයි ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 413ක ඉලක්කයක් හිමිවුණේ. මෙම තරඟය ජය ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 8ක් අතැතිව හෙට දිනය තුළ තවත් ලකුණු 341ක් රැස් කළ යුතුයි.

මෙම තරඟය ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සහභාගි වන අවසන් ටෙස්ට් තරඟය මෙන්ම අවසන් ජාත්‍යන්තර තරඟයයි. තරඟයේ දෙවන ඉනිමේදී සංගක්කාර අද දැවී ගියේ ලකුණු 18ක් රැස් කරගෙන සිටියදියි. දැවී යාමෙන් පසු ක්‍රීඩාගාරය වෙත යමින් සිටි කුමාර් සංගක්කාරට ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් මෙන්ම ප්‍රේක්ෂකයින්ගෙන් ද ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයක්.