Update: සංගක්කාරට ජනපතිගෙන් අපූරු තෑග්ගක්

Monday, 24 August 2015 - 13:26

Update%3A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%91%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය භාරගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරාධනා කළා. කුමාර් සංගක්කාර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම නිමිත්තෙන් කොළඹ පී. සරා  ඕවල් ක්‍රීඩාංගණයේ අද දහවල් පැවති උත්සවයකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු පාලක මණ්ඩල සභාපති සිදත් වෙත්තමුණි සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම අමුත්තන් රැසක් එක්ව සිටියා.

මේ අතර, බ්‍රිතාන්‍යයේ මහකොමසාරිස් ධුරය භාර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ආරාධනය පිළිබඳව තමන් පුදුමයට පත් වන බව ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසනවා. පස්වරුවේ කොළඹ පී. සාරා  ඕවල් ක්‍රීඩාංගණ සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා කළ මෙම ආරාධනය සම්බන්ධයෙන් පැහැදිලි කළ සංගක්කාර කියා සිටියේ මේ පිළිබඳව තවදුරටත් තමන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ යුතු බවයි.



Update: Monday, 24 August 2015 - 17:18
--------------------------------------------------

සංගක්කාරට ඉහළ තනතුරකට ජනපතිගෙන් ඇරයුම්

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාරට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය භාරගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආරාධනා කළා. කුමාර සංගක්කාර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම නිමිත්තෙන් කොළඹ පී. සරා  ඕවල් ක්‍රීඩාංගණයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු පාලක මණ්ඩල සභාපති සිදත් වෙත්තමුණි සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම අමුත්තන් රැසක් එක්ව සිටියා.

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"


\"\"

\"\"

\"\"

\"\"

\"\"