කෞෂාල්ගේ පන්දු යැවීම නීති විරෝධීලු - ජාත්‍යන්තරයෙන් පරීක්ෂණයක්

Wednesday, 02 September 2015 - 14:56

%E0%B6%9A%E0%B7%9E%E0%B7%82%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B6%BD%E0%B7%94+-+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෑතකදී එක්වූ පිට දඟ පන්දු යවන ක්‍රීඩක තරිඳු කෞෂාල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ඉන්දියාව සමඟ පැවති අවසන් ටෙස්ට් තරඟයේදී කෞෂාල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට විනිසුරුවන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කරන ලද පැමිණිල්ලකට අනුවයි.

ඒ අනුව තරිඳු කෞෂාල් දින 14 ක් ඇතුළත  තම පන්දු යැවීමේ නීත්‍යානුකූල භාවය තහවුරු කළ යුතුයි.

කෙසේ වෙතත් එහි ප්‍රතිඵල නිකුත්වන තුරු තරිඳු කෞෂාල්ට අන්තර්ජාතික තරඟවලදී පන්දු යැවීමේ හැකියාව පවතින බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.

-----------------------update ---------------------

කෞෂාල්ගේ පන්දු යැවීම නීති විරෝධීලු

දඟපන්දු යවන ක්‍රීඩක තරිඳු කෞෂාල්ගේ පන්දු යැවීම අභියෝගයට ලක්කර තිබෙනවා. ඒ නීති විරෝධී බව පවසමින්. ශ්‍රීලංකාව සහ ඉන්දියාව අතර පැවති  තෙවැනි ටෙස්ට් තරගයේ දී එම ඉරියව් නිරීක්ෂණය වූ බව විනිසුරුවන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිළිකර තිබෙනවා.

කොළඹ SSC පිටියේ දී පසුගිය 28 වනදා ආරම්භ වූ තරඟය ඊයේ (01) අවසන් වූයේ ඉන්දියාවට ජය ගෙන දෙමින්.

එහි පළමු ඉනිමේ දී  තරිඳු කෞෂාල් ලකුණු 45ක් ලබා දුන්නේ පන්දු වාර 12ක් යවා කඩුල්ලක් දවා ගනිමින්.
දෙවන ඉනිමේදී  කෞෂාල්ගේ පන්දුවාර 12ට ඉන්දියාව  ලකුණු 41ක් ලබා ගත්තා.

එංගලන්තයේ නයිජල් ජේම්ස් සහ ඕස්ට්‍රේලියාවේ රොඩ් ටකර් තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කළා.