ශර්මාට තද වුණු හේතුව ?

Friday, 04 September 2015 - 21:37

%E0%B7%81%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%3F
ශ්‍රී  ලංකාව සමඟ පැවති අවසන් ටෙස්ට් තරඟයේදී ඉන්දීය පිළේ වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ට් ශර්මාගේ කලහකාරී හැසිරීමට එරට ටෙස්ට් ක්‍රිකට් නායක විරාට් කෝලි සහ කණ්ඩායමේ අධ්‍යක්ෂ රවී ශාස්ත්‍රී  වගකිව යුතු බවට ශර්මාගේ ක්‍රිකට් පුහුණුකරු සරවන් කුමාර් චෝදනා කරනවා.

ඒ, කොළඹ එස්. එස්.සී. කීඩාංගණයේ පැවැති ඉන්දු - ශ්‍රී ලංකා අවසන් ටෙස්ට් තරඟයේදී ඉෂාන්ට් ශර්මා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟ ඇති කර ගත් මතභේදය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

ඔහු චෝදනා කරන්නේ කෝලිගේ සහ ශාස්ත්‍රිගේ දිරිගැන්වීම් මත ශර්මා මෙම මතභේදය ඇති කර ගත් බවයි. මේ හේතුවෙන් ඉෂාන්ට් ශර්මාට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයෙන් ටෙස්ට් තරඟයක් තහනම් කෙරුණා.