පුහුණුකරු ධුරයට ඉල්ලීමක් නැහැ - හතුරුසිංහ

Friday, 11 September 2015 - 12:55

%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%84%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමාගෙන් මෙතෙක් නිල වශයෙන් විමසීමක් සිදුකර නොමැති බව බංග්ලාදේශ ක්‍රිකට් පිලේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මාවන් අතපත්තු පසුගිය සැප්තැම්බර් 3 වනදා ඉල්ලා අස්වූ අතර ඒ වෙනුවට අන්තර්වාර පුහුණුකරුවෙකු ලෙස ජෙරෝම් ජයරත්න පත් කෙරුණා. කෙසේ නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට වෘත්තීය පුහුණුකරුවෙකු යොදා ගැනීමට ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇති. එහිදී බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ජයග්‍රාහී මඟ හෙළි පෙහෙළි කළ චන්දික හතුරුසිංහ පිළිබඳව ක්‍රීඩා මාධ්‍යවල අවධානය යොමුවුණා.

පසුගිය වසරේ මැයි මාසයේදී හතුරුසිංහ පුහුණුකරු තනතුර භාර ගැනීමෙන් පසු බංග්ලාදේශ පිල ප්‍රථම පූර්ණ ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණය මෙන්ම පාකිස්ථානය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරඟාවලි ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුණා. ක්‍රීඩා මාධ්‍ය වෙත අදහස් දක්වමින් චන්දික හතුරුසිංහ ප්‍රකාශ කළේ තමන් උපන් රටේ ජාතික කණ්ඩායමේ පුහුණුකරු වීම සෑම පුහුණුකරුවෙකුගේම සිහිනයක් බවයි. එහෙත් එය නිසි අවස්ථාවේදී සිදුවනු ඇති බව ඔහු කියා සිටියා.