29 වන මහවැලි ක්‍රීඩා උළෙලේ ශුරතාව මහවැලි බී කලාපයට

Monday, 14 September 2015 - 8:11

29+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B7%9A+%E0%B7%81%E0%B7%94%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%93+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7
ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ පුළුල් පරිවර්තනයක් සිදුකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. දින දෙකක් පුරා පැවති 29 වන මහවැලි ක්‍රීඩා උළෙලේ සමාප්ති උළෙලට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

29 වන මහවැලි ක්‍රීඩා උළෙලේ ශූරතාව දිනාගැනීමට මහවැලි බී කලාපය ඊයේ සමත්වුණා. තරඟය පැවැත්වුණේ පොළොන්නරුව - ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේයි. මහවැලි කලාප 10ක් නියෝජනය කරමින් මෙවරත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000 ක් පමණ එක්ව සිටියා. දින දෙකක් පුරා පැවති තරඟ ඉසව් සංඛ්‍යාව 41 ක්. එහිදී ලකුණු 93 ක් ලබාගනිමින් ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවට හිමි ජනාධිපති ශූරතා සම්මානය දිනාගත්තේ මහවැලි බී කලාපයයි. ක්‍රීඩා උළෙලේ දෙවන ස්ථානය මහවැලි සී කලාපය දිනාගත් අතර, තුන්වන ස්ථානයට පත්වූයේ වලව කලාපයයි.