ලෝක කුසලාන රග්බි තරඟාවලිය අද ඇරඹෙයි #rwc2015

Friday, 18 September 2015 - 7:53

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%23rwc2015
ලෝක කුසලාන රග්බි තරඟාවලිය අද ආරම්භ වනවා. 8 වෙනි වරට මෙවර පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරඟාවලියේ සත්කාරකත්වය දරන්නේ එංගලන්තයයි. තරඟාවලිය ශ්‍රී ලංකා වේලාවෙන් අද (18) මධ්‍යම රාත්‍රීයේදී ලන්ඩන් නුවරදී ආරම්භ වීමට නියමිතයි.

ඛාණ්ඩ 4ක් යටතේ කණ්ඩායම් 20ක් මෙවර තරඟාවලිය සඳහා තරඟ වැදීමට නියමිතව තිබෙනවා. තරගාවලිය ආරම්භ  කරමින් සත්කාරක එංගලන්තය සහ ෆිජි කණ්ඩායම් තරඟ වැදීමට නියමිතයි.

ලෝක කුසලාන රග්බි තරඟාවලියට තරග 48ක් ඇතුළත් වන අතර, අවසන් තරඟය පැවැත්වෙන්නේ ලබන මස 31 වන දායි.

වසර 4කට වරක් පැවැත්වෙන ජගත් රග්බි තරඟාවලිය දැක බලා ගැනීමට සදහා සංචාරකයින් විශාල පිරිසක් එංගලන්තයට මේ වන විටත් පැමිණ ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.


8 වන වරට පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරඟාවලියේ කාලසටහන පහතින් බලන්න....
\"\"