රිචී රිචඩ්සන් තීරකයෙක් වෙයි

Tuesday, 22 September 2015 - 8:48

%E0%B6%BB%E0%B7%92%E0%B6%A0%E0%B7%93+%E0%B6%BB%E0%B7%92%E0%B6%A0%E0%B6%A9%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිළේ හිටපු නායකයෙකු වන රිචී රිචඞ්සන් අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයේ තරඟ තීරකයෙකු ලෙස පත් කර තිබෙනවා. ඒ, ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රීඩක රොෂාන් මහානාම තරඟ තීරක තනතුරෙන් ඉල්ලා අස්වීම නිසා ඇති වූ පුරප්පාඩුවටයි. දැනට බටහිර ඉන්දීය කොදෙව් පිළේ කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කරන රිචඩ්සන්ගේ එම තනතුරේ නිළ කාලය ලබන වසරේ ජනවාරි 3 වන දා අවසන් වීමට නියමිතයි. ඉන්පසු ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ නව තරඟ තීරකයා ලෙස එක්වනු ඇති. දැනට අයි.සී.සී. තරඟ තීරක මඩුල්ල, තීරකයන් 7 දෙනෙකුගෙන් සමන්විත වන අතර, රංජන් මඩුගල්ල එහි ප්‍රධාන තරඟ තීරක ලෙස කටයුතු කරනවා.