ලෝක පාපන්දු ප්‍රධානියාට එරෙහිව මූල්‍ය අපරාධ පරීක්ෂණ

Saturday, 26 September 2015 - 8:45

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
ෆීෆා හෙවත් ලෝක පාපන්දු සම්මේලනයේ ප්‍රධානී සෙප් බ්ලැටර්ට එරෙහිව එම සම්මේලනයේ මූලස්ථානය පිහිටි ස්විට්සර්ලන්ත බලධාරීන් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ඔහු සම්මේලනයේ මුදල් හැසිරවීමේදී සාපරාධී කළමණාකරණයක් යොදා ගත් බවට චෝදනා කරමින්. 1998 වසරේ සිට ලෝක පාපන්දු සම්මේලනයේ ප්‍රධානත්වය උසුලන බ්ලැටර්ගේ කළමනාකාරීත්වයේ නිලධාරීන් රැසකට එරෙහිව මේ වන විටත් මූල්‍ය දූෂණ චෝදනා විභාග කෙරෙනවා. එහෙත් බ්ලැටර්ට එරෙහිව එවැනි පරීක්ෂණයක් ආරම්භ වී ඇත්තේ ප්‍රථම වතාවටයි. ලෝක කුසලාන පාපන්දු තරඟ විකාශන අයිතිය කලාපීය පාපන්දු සම්මේලන වෙත පිරිනැමේදී එළඹුණු ගිවිසුම් දූෂිත බවට ස්විස් බලධාරීන් චෝදනා කරනවා. එමෙන්ම ඔහුගෙන් පසු ෆීෆා ප්‍රධානී ධුරයට පත්වීමට නියමිත යුරෝපා පාපන්දු සම්මේලනයේ ප්‍රධානී මයිකල් ප්ලැටිනිට ස්විස් ෆ්‍රැන්ක් මිලියන 2ක් අයථා ලෙස ලබාදී ඇති බවට ද බ්ලැටර්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.