බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Friday, 02 October 2015 - 10:47

%E0%B6%B6%E0%B6%A7%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
මාස එකහමාරක තරඟ සංචාරයක් සදහා බටහිර ඉන්දීය කෙදෙව් ක්‍රිකට් කණ්ඩායම ඊයේ (01) දිවයිනට පැමිණියා.  
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්  මෙරටදී ටෙස්ට් තරඟ දෙකකට, එක්දින තරඟ 3 කට සහ පන්දුවාර 20 ක්‍රිකට් තරඟ දෙකකට සහභාගී වීමට නියමිතයි.
කොදෙව් ටෙස්ට් ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන් 5 දෙනෙක් පසුගිය 30 වැනිදා මෙරටට පැමිණි අතර, නව නායක ජේසන් හෝල්ඩර් ඇතුළු  සෙසු ක්‍රීඩකයන් සහ නිලධාරීන් පැමිණියේ ඊයේ (02) පස්වරුවේදීයි.
කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ පිල් සිමන්ස් තනතුරෙන් ඉවත් කිරීමත් සමග මෙම සංචාරයේ වගකීම පැවරී තිබෙන්නේ සහය පුහුණුකරුවන් දෙදෙනෙකුටවීම ද විශේෂත්වයක්.
ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමග පැවැත්වෙන තුන්දින පුහුණු තරගයකින් පසු දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.