පූනේ නුවර දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2ක්

Tuesday, 13 October 2015 - 10:32

%E0%B6%B4%E0%B7%96%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+2%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාවේ පූනේ නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ පළමු දිනය වූ ඊයේ රන් පදක්කම් දෙකක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සමත් වුණා. කිලෝග්‍රෑම් 48 බර පන්තියෙන් යොවුන් කාන්තා අංශයේ තරඟ වැදුණු දිනූදා අබේසේකර රන් පදක්කමක් ලබා ගත් අතර, කිලෝග්‍රෑම් 50 බර පන්තියේ යොවුන් පිරිමි අංශයෙන් තරඟ වැදුණු යුගාන්ත පොල්හේන්ගොඩ එම ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කළා.