නවසීලන්තය කඩුලු 8 කට ලකුණු 409 යි

Thursday, 10 December 2015 - 10:51

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+8+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+409+%E0%B6%BA%E0%B7%92
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරයේ පළමු දිනය අද ඩනීඩන්හිදී පැවැත්වුනා.

දිනය නිමාවන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්තය කඩුලු 8 ක් දැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 409 ක්.

මාටින් ගප්ටිල් 156 යි. කේන් විලියම්සන් ලකුණු 88 ක් රැස්කලා. බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 75 යි.

ඩග් බ්‍රෙස්වෙල් සහ නෙයිල් වැග්නර් පන්දුවට පහරදෙමින් සිටිනවා.

සුරංග ලක්මාල් / නුවන් ප්‍රදීප් සහ දුෂ්‍යමන්ත චමීර කඩුලු 2 බැගින් බිඳහෙලුවා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලියට තරග 2 ක් ඇතුලත්.

අනතුරුව දෙරට අතර එක්දින තරගාවලිය ආරම්භ වන අතර ඊට තරග 5 ක් ඇතුලත් වනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයට 20 යි 20 තරග දෙකක් ද ඇතුලත්ව තිබෙනවා.