විනිසුරුට පහරදුන් ක්‍රීඩකයාට ජීවිතාන්තය දක්වා ක්‍රීඩාව තහනම්

Wednesday, 16 December 2015 - 12:56

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
පසුගියදා කොළඹ පැවති 63 වන ජාතික ශූරතා කායවර්ධන තරගාවලියේදී විනිසුරු තීරණයට විරෝධය පළ කරමින් විනිසුරුවරයාට පහරදුන් ගුවන් හමුදා ක්‍රීඩක සිසිර කුමාරට ක්‍රීඩාව තහනම් කළ බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අද (16) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. එසේම, ගුවන් හමුදා ක්‍රීඩකයන් තහනම් උත්තේජක පරීක්ෂාව සදහා ගිය වෛද්‍යවරයාට ද ඒ සදහා ඉඩ ලබා නොදුන් අතර ඒ පිළිබදව ද පරීක්ෂණ ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියා. එම සිද්ධියට සම්බන්ධ ක්‍රීඩකයන්ට ද සදාකාලික ක්‍රීඩා තහනමක් ගෙන එන බවයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම තරගාවලියේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන යන සියල්ලම හිමි වුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවටයි.

දෙවන ස්ථානය හිමි කර ගත් ගුවන් හමුදාවේ සිසිර කුමාර ක්‍රීඩකයා විනිසුරුවරයාගේ තීරණයට විරෝධය පළ කරමින් අශෝධන ලෙස හැසිරුණා පමණක් නොව ශ්‍රී ලංකා කාය වර්ධන සම්මේලනයේ උප සභාපතිවරයාට පහරදීමක් ද සිදුකර තිබුණා.  

මේ අතර, අද පාර්ලිමේන්තුවේදී ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ තහනම් උත්තේජක සිද්ධිය සම්බන්ධයෙන් ද ක්‍රීඩා අමාත්‍යවරයා අදහස් පළ කළා. ඔහු කියාසිටියේ එම ගැටලූව සම්බන්ධයෙන් රජය පූර්ණ මැදිහත්වීමකින් කටයුතු කරන බවයි.