දෙවන එක්දින තරගයත් නවසීලන්තය ජය ගනී

Monday, 28 December 2015 - 8:45

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි දෙවන එක්දින තරගය කඩුලු 10 කින් ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත්වුනා.

ක්‍රයිස්චර්ච්හි පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 27 යි පන්දු 4 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 117 ක් පමණයි.

නුවන් කුලසේකර ලකුණු 19 යි. නායක ඇන්ජෙලෝ මැතිව්ස් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 17 බැගින් ලබාගත්තා.

 පන්දු යැවීමේදී මැට් හෙන්රි ලකුණු 33 ට කඩුලු 4 ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 8 යි පන්දු 2 කදී කිසිවකුත් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසුකලා.

මාටින් ගප්ටිල් නොදැවී 93 යි. එම ලකුණු 93 ට හයේ පහර 8 ක් සහ හතරේ පහර 9 ක් ඇතුලත් වුනා.

ටොම් ලේතම් ලකුණු 17 ක් රැස්කලා. මේ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ 2 ට බින්දුවක් ලෙස නවසීලන්තය ඉදිරියෙන් පසුවනවා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර තුන්වන එක්දින තරගය ලබන බ්‍රහස්පතින්දා නෙල්සන්හිදී පැවැත්වීමට නියමිතයි.