සංචාරක නවසීලන්තයට එරෙහි තුන්වන එක්දින ක්රිකට් තරගයෙන් විශිෂ්ඨ ජයග්රහණයක් ලබාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්වුනා.
අද නෙල්සන්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 276 ක් රැස්කලා.
කේන් විලියම්සන් ලකුණු 59 යි. ටොම් ලේතම් ලකුණු 42 ක් ලබාගත්තා. පන්දු යැවීමේදී නුවන් ප්රදීප් / දුෂ්මන්ත චමීර සහ ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 2 බැගින් බිඳහෙලුවා.
ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 46 යි පන්දු 2 කදී ජයග්රාහී ඉලක්කය පසුකලා.
ටී එම් ඩිල්ෂාන් ලකුණු 91 යි.
ධනුෂ්ක ගුණතිලක ලකුණු 65 යි.
ලහිරු තිරිමාන්න නොදැවී 87 යි. දිනේෂ් චන්දිමාල් ලකුණු 27 ක් ලබාගත්තා.
දෙරට අතර හතරවන එක්දින තරගය ලබන සෙනසුරාදා නෙල්සන්හිදී පැවැත්වීමට නියමිතයි.