නවසීලන්ත ශ්‍රී ලංකා 4 වන එක්දින තරගය අත්හැර දැමේ

Saturday, 02 January 2016 - 9:59

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+4+%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%9A
වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර හතරවන එක්දින තරගය අත්හැර දමා තිබෙනවා.

වර්ෂාව හේතුවෙන් අද තරගය ආරම්භ කරනු ලැබුවේ ද ප්‍රමාදයකින් පසුවයි.

ඒ අනුව එක් කණ්ඩායමකට පන්දුවාර 24 බැගින් ලබාදී තරගය පැවැත්වීමටයි තීරණය කෙරුනේ.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තයට ලබාදුන්නා.

තරගය අත්හැර දමන විට ඔවුන් පන්දුවාර 9 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 75 ක් ලබාසිටියා.

මාටින් ගප්ටිල් ලකුණු 27 යි. දුෂ්මන්ත චමීර / තිසර පෙරේරා සහ නුවන් කුලසේකර එක් කඩුල්ල බැගින් බිඳහෙලුවා.

තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ තරග 2 ක් ජය ගනිමින් නවසීලන්තය මේවන විට ඉදිරියෙන් පසුවනවා.

ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණයි.

අද තරගය අත්හැර දැමීමත් සමග ලබන අගහරුවාදා පැවැත්වෙන අවසන් එක්දින තරගය තරගාවලිය ජය ගැනීමට දෙරටටම වැදගත් වනු ඇති.