අර්ජුණට එරෙහිව තිලංග නඩු කියයි

Tuesday, 05 January 2016 - 9:06

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%AB%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%82%E0%B6%9C+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිව්‍යහුගත කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇති බව පෙරේදා හිරු ප්‍රවෘත්ති තුළින් පෙන්වා දුන්නා.

නමුත්, ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේ ඇතැමුන්ගේ හිතු මනාපයට එවැනි කමිටු පත් කිරීමට තමන් ඉඩ නොදෙන බවයි.

මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාලගෙන් විමසා සිටියේ අර්ජුණ රණතුංග අමාත්‍යවරයා ක්‍රිකට් මාෆියාවක් ගැන දිගින් දිගටම එල්ල කරන චෝදනාව පිළිබදවයි.

එහිදී ඔහු කියා සිටියේ අර්ජුණ රණතුංගගේ ඉතිහාසයේ තමන් හොදින් දන්නා බවයි. ඒ පිළිබදව ළඟදීම රටේ ජනතාවට ඇත්ත හෙළි කරන බව ද ඔහු කියා සිටියා.

කෙසේ වුවත් අර්ජුණ රණතුංග ප්‍රකාශ කර ඇති ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද තිලංග සුමතිපාල එහිදී වැඩිදුරටත් කියා සිටියා.