එක්දින තරගාවලියත් නවසීලන්තය ජය ගනී

Tuesday, 05 January 2016 - 12:14

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලියට 3 ට 1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත්වුනා.

ඒ අද පැවති 5 වන හා අවසන් එක්දින තරගයේ ජයත් ලකුණු 36 කින් තමන් සතු කර ගනිමින්.  

අද පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 294 ක් රැස්කලා.

මාටින් ගප්ටිල් 102 යි. ටොම් ලේතම් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

කේන් විලියම්සන් සහ රොස් ටේලර් ලකුණු 61 බැගින් රැස්කලා.

පන්දු යැවීමේදී නුවන් කුලසේකර කඩුලු 3 ක් බිඳහෙලුවා.

ලකුණු 295 ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 47 යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 258 ක් පමණයි.

නායක ඇන්ජෙලෝ මැතිව්ස් 4 පහර 6 ක් සමගින් ලකුණු 95 ක් ලබාගත්තා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 50 යි. ධනුෂ්ක ගුණතිලක ලකුණු 15 යි.

මැට් හෙන්රි කඩුලු 5 ක් සහ ටෙ‍්‍රන්ට් බෝල්ට් කඩුලු 3 ක් බිඳහෙලුවා.

මෙම තරගාවලියෙන් ශ්‍රී ලංකාව ජයගත්තේ තුන්වන තරගය පමණයි. හතරවන තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුනා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලිය ජයගත්තේත් නවසීලන්තයයි.

දෙරට අතර තරග 2 කින් සමන්විත 20 යි 20 තරගාවලිය අනිද්දා ආරම්භ වීමට නියමිතයි.