ක්‍රිස් ගේල්ගේ නොහොඹිනා ප්‍රකාශය - ‘‘ලැජ්ජා වෙන්න එපා බබා“

Wednesday, 06 January 2016 - 8:05

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B9%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+-+%E2%80%98%E2%80%98%E0%B6%BD%E0%B7%90%E0%B6%A2%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+%E0%B6%B6%E0%B6%B6%E0%B7%8F%E2%80%9C
ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් විස්සයි විස්ස තරගාවලියට සහභාගි වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් සජීවී රූපවාහිනී සංවාදයකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාව අයැද තිබෙනවා. තරඟයක් අතරතුර ගේල් සමඟ සජීවි සංවාදයකට එක්ව ඇත්තේ මෙල් මැක් ලූග්ලින් නමැති මාධ්‍යවේදිනියක්.

එහිදී ගේල් ඇයට පවසා ඇත්තේ සංවාදයෙන් පසුව ඇය සමඟ මත්පැන් පානය කිරීමට සූදානම් බවයි.

Mel McLaughlin නම් නිවේදිකාව ක්‍රිස් ගේල් සමඟ සම්මුඛ සාකච්ඡාවට පැමිණි මොහොතේ ඇය ඇසූ ප්‍රශ්නයට ක්‍රිස් ගේල් ලබා දුන්නේ ඇය නොසිතූ ආකාරයේ පිළිතුරක්.

‘‘මමත් ඔයා එක්ක සම්මුඛ සාකච්ඡාවක් ලබා ගන්න ආසාවෙන් හිටියෙ. ඔයාගේ ඇස් හරි ලස්සනයි.. ලැජ්ජ වෙන්න එපා. මැච් එක දින්නට පස්සෙ අපිට එකට බොන්න පුළුවන්.“

කෙසේ වෙතත් නිවේදිකාව අපහසුතාවට පත්වනු දැකීමෙන් පසුව නැවතත් ක්‍රිස් ගේල් ‘‘ලැජ්ජා වෙන්න එපා බබා“ යැයි පවසා තිබෙනවා.

එවිට ඇය පවසා ඇත්තේ “නැහැ නැහැ මං ලැජ්ජාවට පත්වෙලා නැහැ” කියලයි.

කෙසේ නමුත් ඔහුගේ මෙම ප්‍රකාශයෙන් කෝපයට පත් මාධ්‍යවේදිනිය එතැනින් නික්මුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රිස් ගේල්ට  ඕස්ට්‍රේලියානු ඩොලර් දසදහසක දඩයක් පැනවීමට බිග්බෑෂ් සංවිධායකයන් තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත් ගේල් සදහන් කර ඇත්තේ සුහද සාකච්ඡාවක් අතරතුර තමා සුහද විහිලූවක් පමණක් සිදුකළ බවයි.

සිද්ධියෙන් අනතුරුව ක්‍රිස් ගේල්ට එල්ල වුණු ප්‍රතිචාරත් සමග ගේල් තමන් සිදුකලේ විහිලුවක් පමණක් බවත් ඇයගෙන් ඊට සමාව ඉල්ලන බවත් පවසා තිබුණා.