කාසියේ වාසිය අරගෙනත් නවසීලන්තයට දෙයි

Thursday, 07 January 2016 - 8:42

%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර, ප්‍රථම විස්සයි විස්ස තරගය මවුන්ට් මංගනුවි හිදී අද (07) ආරම්භ වූවා. ලසිත් මාලිංග කායික ආබාධයකට ලක්වීම නිසා මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා විස්සයි විස්ස පිල මෙහෙයවන්නේ දිනේෂ් චන්දිමාල් විසින්.

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා සිය කණ්ඩායම් සැකසීමට ශ්‍රී ලංකාවට මෙන්ම නවසීලන්තයටද මෙම තරඟාවලිය වැදගත් වන බවයි ක්‍රිඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.

දැනට අයි.සී.සී. විස්සයි විස්ස කණ්ඩායම් දර්ශකයේ පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.

නවසීලන්තයට එහි අටවන ස්ථානය හිමිව තිබෙනවා.

අද තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිල පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස නවසීලන්තයට ආරාධනා කළා.