දුන්න දේ අරගෙන ලංකාවට පරද්දවයි

Thursday, 07 January 2016 - 11:50

%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A++%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මවුන්ට් මංගනුවි හිදී පැවැති  පළමු  20-20 තරගයෙන් ශ්‍රී  ලංකාව පරාජයට පත්වෙයි. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුළු 4ක් දැවී ලකුණු 182ක්  රැස් කර ගත්තා. ශ්‍රී ලංකාවට ලබා ගත හැකි වූයේ ලකුණු 179ක් පමණයි. කඩුළු 9ක් බිඳ වැටී   තිබුනා.

අද තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිල පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස නවසීලන්තයට ආරාධනා කළා.  

ගප්ටිල් ලකුණු 58යි.
විලියම්සන් ලකුණු 53යි.
නුවන් කුලසේකර  කඩුළු 2යි.

ශ්‍රීලංකාව වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක ලකුණු 46යි.
මිලින්ද සිරිවර්ධන 42යි.

ලසිත් මාලිංග කායික ආබාධයකට ලක්වීම නිසා මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා විස්සයි විස්ස පිල මෙහෙයවන්නේ දිනේෂ් චන්දිමාල් විසින්.

\"\" \"\" \"\"