ක්‍රීඩාවේ වැටීමට හේතුව ක්‍රීඩා ඇමති හෙළි කරයි

Wednesday, 13 January 2016 - 12:50

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මෙරට ක්‍රීඩාවේ කඩා වැටීමට ප්‍රධානතම හේතුව සුදුසුකම්ලත් පුහුණුකරුවන්ගේ හිගය බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

ජාතික ක්‍රීඩා විද්‍යාතනය සංවිධානය කළ පුහුණු පාඨමාලා දෙකක් හැදෑරූ පුහුණුකරුවන්ට සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයක් මෙලෙස පැවැත්වුණා.

මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ ඉහළ මට්ටමේ සුදුසුකම් වලින් සපිරි පුහුණුකරුවන් සිටින්නේ අතේ ඇගිලි ගණනටත් වඩා අඩු සංඛ්‍යාවක් බවයි.