ශ්‍රීලංකා ශූරයෙකුට ක්‍රිස් ගේල්ගේ රෙකෝඩ් එක නූලෙන් මිස්වෙයි

Wednesday, 13 January 2016 - 16:03

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%9D%E0%B6%A9%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A+%E0%B6%B1%E0%B7%96%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) T20 නායක දසුන් ශානක ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකළා. ඒ T20 ඉනිමක දී වැඩිම 6 පහර එල්ල කරමින්. අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ සැරසන්ස් කණ්ඩායම සමග ඊයේ (12) පැවති තරගයේදී දසුන් ශානක මෙම දස්කම දැක්වූවා.

එහිදි ඔහු එල්ල කළ හයේ පහර සංඛ්‍යාව 16 ක්.

මෙම ඉනිමේදි දසුන් ශානක-  පන්දු 46 ක් තුළ ලකුණු 123 ක් රැස් කිරීමට සමත්වුණා.

මේ අතර මෙම තරගාවලියේම පසුගියදා පැවති තරගයකදීද දසුන් ශානක නොදැවී ලකුණු 131 ක් ලබා ගැනීමට සමත්ව තිබුණා.

කෙසේ වෙතත් මෙම ඉනිම වාර්තා පොත් අතරට එක්වුණේ පන්දුවාර විස්සයි විස්ස තරගයකදි ක්‍රීඩකයෙකු එල්ල කළ දෙවන වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමක් ලෙසයි.

පන්දුවාර විස්සයි විස්ස තරගයකදි වැඩිම හයේ පහර සංඛ්‍යාව එල්ල කළ ක්‍රීඩකයා වන්නේ බටහිර ඉන්දීය කොදෙව් පිලේ ක්‍රිස් ගේල්.
ඔහු එල්ල කර ඇති හයේ පහර සංඛ්‍යාව 17 ක්.


T20 ඉනිමකදී වැඩිම හයේ පහරේ වාර්තා පොත මෙන්න

\"\"