අපි හොඳට ක්‍රීඩා කළේ නෑ -මැතිව්ස් දැන් කියන කතාව මෙන්න

Thursday, 14 January 2016 - 8:02

%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A++%E0%B6%B1%E0%B7%91+-%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
නවසීලන්ත සංචාරයට එක්වූ නවක ක්‍රීඩකයින්ගේ අත්දැකීම් අඩුකම තරඟාවලියේ පරාජයට ප්‍රබල හේතුවක් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. ඊයේ (13) ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන්ද පරාජය වීමත් සමඟ මෙරට බොහෝ සමාජජාල වෙබ් අඩවි ශ්‍රී ලංකාක්‍රීඩකයින්ට චෝදනා කළේ මෙම තරඟයට පෙරදින අළුයම තෙක් ඔවුන් සාදයකට එක්ව සිටි බවටයි.

ඊට පිළිතුරු ලබාදෙමින් ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කළේ කිසියම් ක්‍රීඩකයෙකුගෙන් කණ්ඩායමේ නීති මාලාව කඩකර ඇත්නම් ඒ සඳහා ක්‍රිකට් බලධාරීන් කටයුතු කරනු ඇති බවයි.