ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන එක්දින තරගය අද

Friday, 15 January 2016 - 7:44

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
සංචාරක ඉන්දීය පිල සහ  ඕස්ට්‍රේලියාව අතර දෙවන එක්දින තරගය බ්‍රිස්බෙන්හි දී අද (15) පැවැත්වෙනවා.

පර්ත්හි පැවති පළමු එක්දින තරගයෙන්  ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළා.

අද තරගය සදහා ඬේවිඞ් වෝනර් සහභාගි නොවන්නේ ඔහුගේ බිරිඳ සිය දෙවැනි දියණිය බිහි කිරීම හේතුවෙන්.

ඒ වෙනුවට ෂෝන් මාර්ෂ්  ඕස්ට්‍රේලියානු පිලට එක්වනු ඇති.

මේ අතර, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන ටෙස්ට් තරගය ජොහැනස්බර්ග් හිදී ඊයේ ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන දකුණු අප්‍රිකාව ඊයේ දිනය අවසනදී කඩුලූ 7 ක් දැවී ලකුණු 267 ක් රැස් කරගෙන සිටියා.

තරගාවලියේ එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටින්නේ එංගලන්තයයි.